දිනක් කුඩා දැරියක් සහ ඇගේ පියා, අතිනත අල්ලාගෙන, ගඟක් හරහා තිබුණු අබලන් වු පටු පාලමක් මතින් හිමින් පරිස්සමෙන් අඩි තබම්න්, අමාරුවෙන් අනෙක් පැත්තට යමින් සිටියහ. පියා ඇයට මෙසේ කිවේය.
"දුවේ මගේ අත තදින් අල්ල ගන්න... නැත්තම් ඔය කකුල ලිස්සලා ගඟට වැටෙන්න පුලුවන්..."
"නැ.. තාත්තෙ, තාත්තා මගේ අත අල්ල ගන්න.." දැරිය කිවාය.
"මොකක්ද ලමයෝ ඉතින් එකේ වෙනස..?" පැටළිලි සහිත සිතින් පියා විමසුවේය.
"මේකයි තාත්තෙ... මම තාත්තාගේ අත අල්ලාගෙන හිටියොත්, ලිස්සලා යන්න ගියොත්, මගේ අත අතහැරෙන්න පුලුවන්.. එත් තාත්තා මගේ අත අල්ලාගෙන හිටියොත්, මම දන්නවා... මොනවා වුනත් තාත්තා කියටවත් මගේ අත අතහරින්නේ නැති බව..."
හ්මිමිමි.... ලස්සනයි..වෙලාවකට මට බය හිතෙනවා මගේ තාත්තා නැතිවුනොත් මට මොනවා වෙයිද කියලා.. :'(
ReplyDeleteඅත් දෙක සුපර් ග්ලූ දමල අලවමු....ඒත් වැටුනෙ නැතොත් ඔපරේශන් කරන්න වෙනව.....
ReplyDelete