Pages

Friday, February 11, 2011

විවාහ ප්‍රශ්නේ!! =)

ඇමරිකාවේ බාර් එකක ඩ්‍රින්ක් එකක් දාන ගමන් අපේ පොරක් ඇමරිකන් කාරයෙක් එක්ක සෙට් උනා... ටික වෙලාවකින් අපේ එකා...


"ඔයා දන්නවද..? අපේ දෙමව්පියෝ ගෙදරින් එළියටවත් බැහැල නැති,..... මම එකම එක දවසක් දැකපු කෙල්ලෙක්ව බන්දල දුන්න. ඒකී ආදරේ තියා මෙලෝ මළදානයක් දන්නෙ නෑ.. මේ මගුල මට දැන් එපාවෙලා තියෙන්නේ......"

"ඔහේ මගුලක් කතාකරනව.. ආදරේ කරළ කරන මගුල් ගැන...මම බැන්දේ අවුරුදු 3 ක් ආස්සරේ කරල මිනිහ මැරිච්ච ගෑනීයෙක්.. ටික කාලේකට පස්සෙ... අපේ තාත්ත මේ ගෑනිගෙ දුවත් එක්ක යාළු වෙලා ඒ දෙන්නත් කසාද බැන්දා..."

 "දැන් තාත්ත මගේ බෑනා.. මං තාත්තගේ මාමා... තාත්ත බැන්ද කෙල්ල මගේ අම්ම... මගේ ගෑනී මගේ ආච්චි..."

"ප්‍රශ්නෙ තවත් වැඩි උනා අපිට පුතෙක් ලැබුනම... මගේ පුතා මගේ තාත්තගේ මල්ලි.. ඒ නිසා පුතා මගේ බාප්පා..."

"තත්වේ දරුණු වුනේ අපේ තාත්තගෙ නෝනට දුවෙක් ලැබුනම.... දැන් මගේ තාත්තගේ දුව මගේ නංගී. මගෙයි නෝනගෙයි මිණිබිරී..."

"බලාගෙන ගියහම මම මගේම සීය වෙලා.. මගේම මුණුබුරා වෙලා... උඹ මේ පවුල් ප්‍රශ්න කතාකරනවා...."

"දඩස්"... යනුවෙන් සබ්දයක් ලංකාවේ පොර සිටී දෙසින් ඇසින.....

මට  මේක mail කරපු යාළුවට thnx කියමි! ;)

2 comments:

  1. සැහෙන පටලැවිල්ලක්... .:)

    ReplyDelete
  2. =) හම්මෝ කාලෙකට පස්සේ comment එකක් :)

    ReplyDelete