Wednesday, June 23, 2010

විනාඩි තුනේ ධාරානිපාත වර්සාව සහ මම කාපු 2වෙනි කට්ට!!!

අනේ අම්මෝ අද මං නාපු නැවිල්ල!!!

 ඔන්න මං අද පංති ඇරිලා එනකොට 6.30 විතරට කිට්ටු කරල ඇති. මං අහස දිහා බැලුවාම අහස වලාකුළු කලු කරලයි තිබුනේ! ඉතින් මං ඉක්මනට අඩිය තියලා යන්න පටන් ගත්තා.. මෙන්න බොලේ අඩි 3ක් 4ක් යන්න වුනේ නැහැ පළු යන්න වහින්න පටන් ගත්තා.. තත්පර 10ක් යන්න ඉස්සෙල්ලා මුළු පාරම වතුරෙන් උතුරන්න ගත්තා..(හිතාගන්නකෝ වැස්සේ සැර) පාරත් එසේ මෙසේ පොඩි පාරක් නෙවේ high-level පාර!! මට හොද වෙලාවට කුඩයක් තිබුනා. පාරේ ඉන්න බල්ලෝයි, කොල්ලෝයි, කෙල්ලෝයි, මිනිස්සුයි, ගැනුයි ආතක් පාතක් නැතුව එහෙට මෙහෙට දිව්වා!! ඔන්න විනාඩියකට කලින් දුහුවිලි වලින් පිරිච්ච පාර දැන් එකම මඩ ගොඩක්!! හැබයි විනාඩි 2-3 යන්න ඉස්සෙල්ලා වැහලා ඉවර වුනා!

ඔන්න ඔය වේලාවේ සිරා  scene ටිකකුත් වුනා. කඩාගෙන බිදගෙන ආපු 138 බස් එකක් slow කරනකොටම බස් එකේ ඉස්සහරහ දොරෙනුයි පිටිපස්සේ දොරෙනුයි අයියලා දෙන්නක් එකම වෙලාවේ පැන්නා!!! doubleම එක පාරට ලිස්සුවා මඩ හන්දා!! XD එතන හිටපු අයට හිනා සාගරයයි! කොන්දාත් බොහොම ආමරුවෙන් හිනාව නවත්ත ගෙන උන් දෙන්නාට මොකද වුනේ කියල අහන්න යනකොට උන් දෙන්නාම එතනින් කොන්දා එන්න කලින් මාරුවුනා!! පස්සේ මාත් එක්ක ආපු යාලුවෙක් මට කිව්ව ඔය ඩබල ඔතන අපේ ක්ලාස් එකේ කෙල්ලොන්ට පෙන්න වැඩ දාන එවුන් කියලා!!

 මං කිව්වා එතකොට පනින්න පෙර සිතා බලනු කියලා.. එහෙම කියල මං යාලුවගෙන් සමු අරගෙන පාර පනින කොටම කොහෙද යන 3විල් කාරයෙක් මගේ ඉස්සහරින් ගියා මාව මඩ වතුරෙන් නාවගෙන!! :( මට නෙද ඉතින්.. අර 3විල් කාරයගේ අම්මාගේ ඉදන් මැරිච්ච ඥාතියෝ මතක් වුනා (මැරිච්ච ඥාතියෝ තමන්ගේ මිනි වලෙන් නැගිටලා හචිං අරින්න ඇති). ඔක දැකපු මගේ යාලුවා මුළු පාරටම ඇහෙන්න මෙහෙම කියපි " මියෝ අනිත් එවුන්ට කියන්න කලින් තමන් පනින්න පෙර සිතා බලනු". මට නෙද ඉතින් කින්ඩි ගොඩායි!!!! ):

මෙතනින් මං කාපු 1වෙනි කට්ට බලන්න.

5 comments:

  1. වැස්ස නම් චාටර්.... ස්කෝලෙ යන කාලෙ නම් ලොකුම හතුරා

    ReplyDelete
  2. මාත් අද ඔය වැස්සට අහුඋනා ...............

    ReplyDelete
  3. හුටා!! මලකෙලියක්නේ වෙලා තියෙන්නේ!! මොනාවුනත් පනින්න පෙර සිතා බලනු!! මේකත් බැලුවනන් , පනින හැටි තේරෙයි නියමෙයට!! http://bossandjabos.blogspot.com/2010/06/02.html

    ReplyDelete
  4. හික්ස්...කොළඹට වහිද්දි නම් එපා වෙනවා තමා. පාර පුරාම ජරා වතුර...ඔය මඟදි වැස්සට අහු උනාම නාගන්නත් පුරුදු වෙන්න ඕනෙ...හැමදාම බාත් රූම් එකේ නාන එකේ ඉඳලා හිටලා FREE බාත් එකක් ගන්න පුළුවන්නෙ.....හික්ස්

    ReplyDelete
  5. පනින්න පෙර දෙවරක් සිතා බලනු :)

    ReplyDelete

Analytics

LinkWithin

Related Posts with Thumbnails