Wednesday, May 12, 2010

මමත් කන කටු.

ගිය සතියෙ මo පන්ති ඇරිලා ගෙදර එනකොට මාර chater එකක් කැවෙ.



138 බස් එකකට sigma එක ලගින් නැගලා මo ආවෙ. ඔන්න නුගෙගොඩ පාලම පහු කරාම national ඇදගත්තු නැත්තම් ලමා සාරිය ඇදගත්තු අක්කලා 3 දෙනෙක් නැග්ගා. එගොල්ලොන්ගෙ අතෙ වට්ටි ටිකක් තියෙන්වා මම දැක්කෙ සැහෙන වෙලාවකට පස්සෙ. මම ඉතින් හොද එකා හන්දා (මමනෙ දන්නෙ මගෙ හොදකම) අර වට්ටි ටික ඉල්ලගත්තා (මොකද මට එ වෙලවෙ seat එකක් set වුනා).මෙන්න බොලෙ ටික දුරක් යනකොට එ එක අක්කා කෙනෙක් මගෙ අතෙ තිබුනු එ වට්ටියට රුපියල් 2 කාසියක් දැම්මා. මට නිකන් පොල්ලෙන් ගැහුවා වගෙ.  මගෙ එහ පැත්තෙ හිටපු බුවාත් මගෙ දිහ බල බල හිනා වෙනවා. මට නෙද ඉතින් ඔය වෙලාවෙ හොද හොද එව්ව මතක් වෙවි ගියෙ.  ඉතින් ඔක දැකපු අනිත් අක්කත් එයගෙ යාලුවාට මෙහෙම කියනවා. 'මොකක්ද අනෙ ඔයා එ ලමයට කරපු වැඩෙ තෙරූම. එ ලමයා හිගන්නෙක් කියලා හිතුවද? වෙන එකෙක් නම් හොදවයින් දෙකක් කියයි. එ ලමය හොද හන්දා මුකුත් කිව්වෙ නැහැ.' එතොකොට අනිත් අක්කා ගත් කටටම කියපි 'හිගන්නෙක් නොවූනට අපෙ වට්ට් ටික ගන්න හුගක් වෙලා ගත්තානෙ එකයි' කි‍යලා.

මට නෙද ඉතින් ඔකට අසු හාරදාහට නැග්ගා. හොද වෙලාවට (අක්කගෙ) මම බහින holt එකත් ලo වෙලා තිබුනෙ.මම ඉතින් මුකුත් නොකියා බල්ලා වගෙ බස් එකෙන් බැස්සා. මට එ වෙලවෙ තමයි හිතුනෙ අපි පවු කියලා උදව්වක් කරන්න ගියාම මිනිස්සු කෙලෙහිගුන නොදන්නා විදිහට හැසිරිම.

12 comments:

  1. හක් හක් හා... පව් වැඩේ..
    උඹ වට්ටිය අරං අහිංසක විධියට ඉන්නවා දැක්කාම, ඒ අක්කාට සල්ලී දෙන්න හිතෙන්න ඇති...

    ReplyDelete
  2. දුක් වෙන්න එපා මටනන් ඈතිවෙන්න ඔය වගෙ දේවල් වෙලා තියෙනවා...

    ReplyDelete
  3. hehe ඔව් ඉතින් මමත් බස් එකෙ යන්නෙ පොඩි එකා වගෙ හින්දා වෙන්න ඇති.. ;)

    ReplyDelete
  4. අපෝ මල්ලි කට වහන් බැස්සේ..... හොද දෙකක් කියන්න එපැයි උපාසිකා නෝනලට...

    ReplyDelete
  5. හොඳ වැඩේ උඹට. ඕනේ නැති එවා කරන්න යන්වට. බස් එකේ උන්න අනිකුන් උනුත් කීය කීය හරි දැම්මා නම් තමා ආතල් එක

    ReplyDelete
  6. මරු වැඩේ.. හෙහෙහෙහෙහෙ
    :D

    ReplyDelete
  7. අම්මො හොද වෙලාවට බස් එකෙ අනිත් අය සල්ලි දැම්මෙ නැත්තෙ... නැත්තම් මට පොලොව පලාගෙන තමා යන්න වෙන්නෙ

    ReplyDelete
  8. මගේ නම් අදහස ඔය වගේ සීන් එකක් වුනාම මල් වට්ටි ටික පොලේ ගහන එක. ඕය වගේ සිද්දියක් අපෙ අක්කටත් වුනා. අක්කා මාතලේ ඉඳල ගලේවෙල යන බස් එකේ යනකොට හැමදාම නගින හිඟන්නො සෙට් එකක් ඉන්නව. උන් කරන්නෙ ඉතින් දිනපතා එකම ගීතය ගයලා ගාන කපාගෙන බොන එක. ( කොළඹ යන්නෙ වෙන ගේමක්. සල්ලි ඔක්කොම යන්නෙ හිඟන මුදලාලිට ). දවසක් බස් එකේ ඔහොම යනකොට අර හැමදාම නගින පොරක් නැගල සල්ලි ඉල්ලනව. අක්කගෙ එහා පැත්තෙ හිටපු ගෑනු මනුස්සය මේ මනුස්සයට රුපියල් පනහක්ම දුන්නලු. මේක අක්ක දැකල එයාට කිව්වලු..." ඔච්චර සල්ලි දෙන්න ඕන නැහැ. මේ මිනිස්සු හැමදාම මේ බස් වලට නගිනව කියල...එතකොටම ඒ මනුස්සය කිව්වලු " ඔයාගෙ සල්ලි නෙවෙයි නෙ, ඒ මිනිස්සුත් කාල බීල ඉන්න ඕන නෙ කියල...."..අක්කට මාර නෝන්ඩිය. අක්ක වටපිට බැලුවම ලඟ හිටගෙන හිටපු ගෑනු කෙනෙක් " වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැ‍ටුන නේද ? " වගේ බැල්මක් දැම්මලු. අක්ක එදායින් හිතාගත්තලු මළාට ආයි නම් ඔය වගේ ගොන් වැඩ කරන්නෙ නැහැ කියල.

    ReplyDelete
  9. හික්ස් මO අර වට්ටිය පොලොවෙ ගැහැවුවනම් මට එ මල් වට්ටියටත් තවත් ගානක් ගෙවන්න වෙනවනෙ.. :)

    ReplyDelete
  10. හයියෝ...වෙච්ච දෙයක්! :(

    ReplyDelete
  11. හොඳ වැඩේ පැණියට ...

    ReplyDelete
  12. bada balanna neda mal watti tika gatte hora

    ReplyDelete

Analytics

LinkWithin

Related Posts with Thumbnails