Sunday, May 16, 2010

උදෙ පාන්දර ඉදන් මහරැ වෙනකන්!!

උදෙ පාන්දර (4.30ට විතර) නැගිටලා මට ආසයි අහස උඩට (පොඩ්ඩක් විතර) ගිහිල්ලා දවසෙ වෙන වැඩ ගැන අහස උඩ ඉදන් බලන් ඉන්න.

උදෙ පාන්දර කුරුල්ලො කිචි බිචි ගානකොට, කොහෝ හරි ගෙදර radio එකක පිරිත් හරි සින්දුවක් හරි යනකොට, එකින් එක ගෙදර ටිකෙන් ටික light පත්තූ වෙවි වැඩට හරි ඉස්කොලෙ යන්න හරි යන්න මහා කම්මැලි කමකින් ලැස්ති වෙනකොට,

ඊට පස්සෙ (7.00ට විතර) ලොකු race එක පටන් ගන්න කොට.. එ කියන්නෙ ලමයි skul van වලින් හරි bus වලින් හරි යනකොට, ඊට පස්සෙ ඉස්කොලෙ ඇතුලට යාලුවොත් එක්ක සෙට් වෙලා යනකොට,

ඊටත් පස්සෙ (8.00ට විතර) ලොකු කට්ටිය තම තමන්ගෙ රාජකාරි වලට යන්න bus එක හරි තමන්ගෙ වාහනයෙන් යනකොට, ට්‍රැෆික් වලට හිර වෙලා අනිත්  bus, three wheel, bike කාරයොන්ටයි තියෙන කඩි කුලප්පුවට හිතෙන් බැන බැන යනකොට, වැඩට යාන්තම් හරි නැත්තම් පරක්කු වෙලා හරි ගියාම,

එකටත් පස්සෙ (11.00ට විතර) කඩකාරයොයි වෙලෙන්දොයි තමන්ගෙ කඩය අරිනකොට, තවත් සමහරු පෞද්ගලික ගමන් බිමන් යනකොට,

ඊලගට (1.00ට විතර)  race එකෙ 2nd part  එක එහෙමත් නැත්තම් ලමයින් ආපහු ගෙදරට බොහොම මහන්සිවෙලා නිදිමතෙ, බඩගින්නෙ නැත්තම් චුන් එකෙ එනකොට, class යන්න හරි සෙල්ලම් කරන්න හරි යනකොට තමා වැඩට ගියපු ලොකු අය ගෙදරට එන්න පටන් ගන්නෙ(එ කියන්නෙ 5.30ට විතර),

ඊලගට (6.00ට විතර) හැමොම තමන්ගෙ ගෙදරට එන්න තියෙන කඩි කුලප්පුවට, ආපහු traffic හදාගෙන එකට හිතෙන් බැන බැන මහන්සි වෙලා ගෙදරට එනකොට, පොඩි අය තමන්ගෙ ඉස්කොලෙ වැඩ කරනකොට,

ඊට පස්සෙ (9.00ට විතර) කට්ටිය T.V. එක ඉස්සහරට ඇවිත් කැම කාලා නිදිය ගන්නකොට, අහසෙ ටිකෙන් ටික තරුයි හදයි තනිවෙලා පායනකොට, බකමුනොයි අනිත් සත්තුයි හිමිහිට සද්ද කරනකොට,

ඊලගට 12.00ට 1.00ට විතර අහසෙ තියෙන තරු දිහායි හද දිහායි පරිසරයෙ තියෙන නිස්කලOක බව නිහඩවම විදින්නෙ මම විතරමද?????

අන්තිමට 3.00ට 4.00ට විතර අහස හිමිහිට එලිය වෙනකොට මට අහස උඩඩඩඩ.......ටම ගිහින් ලොකෙට ඉර පායනවා බලන්න ආසයි.

2 comments:

  1. හ්ම්ම්....අපි ගෙවන මේ අසහනකාරී, නිමක් නැතිව හැල්මේ දුවන දිවිල්ලෙන් ටික වෙලාවකට හරි මිදෙන්න තියෙනවා නම්....

    ReplyDelete
  2. අපි ඇත්තටම ජීවිතය විදිනවද කියල හිතෙනව... මම හිතන්නේ අපි විදවනව. හැල්මේ දුවනව දුවනව නිවනක් නැතිව. පුදුම කරුමයක් තමා.

    ReplyDelete

Analytics

LinkWithin

Related Posts with Thumbnails